
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු සැත්කමකින් පසු මියගිය දරුවන්ගේ වෛද්‍ය වාර්තා එම රෝහල විසින් මෙතෙක් පොලිසියට ලබා නොදීම සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය බොරැල්ල පොලීසියට ඊයේ (11) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ නඩු විහගය පවත්වාගෙන යෑමේදී සාක්ෂිකරුවන්ට අදාළ පරීක්ෂණ වාර්තා පෙන්වා සාක්ෂි ලබාගැනීමට අවශ්‍ය අවස්ථාවේදී, එම වෛද්‍ය වාර්තා නොතිබීම හේතුවෙන් නඩුවට බාධා පැමිණ ඇති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත්කර තිබේ.
මරණයට පත් දරුවන්ගේ සියලුම වෛද්‍ය වාර්තා ලබාදෙන ලෙසට රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂවරයාට මින් ඉහතදී අධිකරණයෙන් කළ නියෝග ප්‍රකාරව මෙතෙක් එම වාර්තා ලබා දී නැතැයි බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.
අදාළ රෝහල් වාර්තා ලබානොදෙන්නේ නම් ඒ බව විමසීම සඳහා රෝහල් අධ්යක්ෂවරයා අධිකරණයට කැඳවීමට සිදුබව බව මහේස්ත්‍රාත්වරිය එම අවස්ථාවේදී ප්‍රකාශ කළාය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය අධිකරණය හමුවේ ඊයේ (11) යළි කැඳවා තිබූ අතර සිද්ධියට අදාළව සාක්ෂි ලබාදීම සඳහා මහාචාර්ය රන්දුල රණවක අධිකරණය හමුවේ පෙනීසිටියේය.
ඔහු සඳහන් කළේ , ඉකුත් 2022 වසරේ දෙසැම්බර් මස 25 දින මෙම දරුවා සැත්කමින් පසු තමන් විසින් පක්ෂාවට ලක්කළ බවයි.
ශල්‍යකර්මය අවස්ථාවේ සටහන් වාර්තා හා වාට්ටුවට ඇතුළත් කිරිමෙන් පසු, ඇඳ ඉහපත් වාර්තා අතර පරස්පරතාවක් තමාට නිරීක්ෂණය වූ බවත්, ශල්‍යකර්මයෙන් පසුව දරුවා සීමාවාසික වෛද්‍යවරයා විසින් පරීක්ෂා කර ඇති බවත්, එම වෛද්‍යවරයාගේ සටහන් තුළ දරුවාගේ වකුගඩු දෙකම ඉවත් කර ඇති බව සඳහන් කර තිබූ බවත් මහාචාර්යවරයා සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.
එමෙන්ම එම සටහන් තැබූ වෛද්‍යවරයා කවුරුද යන්න එහි සදහන් නොවූ බැවින්, පසුව තමන් ඩී.එම්.එස්. පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව දරුවාගේ වකුගඩු දෙකම නොමැති බව තහවුරු කරගත් බවත් මහාචාර්යවරයා අධිකරණ හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart