October 20, 2026

ගන්දර පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකුට සහ කාන්තා පොලිස් සැරයන්වරියකට කාර් රථයක සිටින කාන්තාවක් විසින් තර්ජනය කරන සිදුවිමක් මුහුණුපොත සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වන විඩියෝ පටයක් සම්බන්ධව ගන්දර පොලිස් ස්ථානය මගින් වාර්තාවක් කැඳවා ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

එම වාර්තාවට අනුව, මෙම සිදුවීම 2024.01.28 වැනි දින සිදුව ඇති බවත්, සිදුවිමට අදාළ කාර් රථයේ සිටි කාන්තාව පොලිස් සැරයන්වරයකුට අසහ්‍ය වචනයෙන් බැන තර්ජනය කිරිම සහ කාන්තා පොලිස් සැරයන්වරියකට බැන තර්ජනය කර පහරදී තුවාල සිදුකිරිම, අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය, වමෙන් නොපැදවීම යන චෝදනා මත එදිනම අත්අඩංගුවට ගෙන කොටවිල අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසුව රියදුරු බලපත්‍රය අත්හිටුවීමක් සිදුකර ලක්ෂ 02 ක ශරීර ඇපයක් මත නිදහස් කර ඇත.

අනතුරුව 2024.03.26 වැනි දින නඩුව නැවත කැදවු අවස්ථාවේ දි චෝදනා ලැබූ කාන්තාව තමා නිවැරදිකරු බව පැවසීම හේතුවෙන් මෙම නඩුව තවදුරටත් විභාග වෙමින් පවතින බවත්, මේ වන විට අධිකරණය දැනුවත් කිරිමකින් තොරව මෙම කාන්තාව විදේශගත වී ඇති බවට අනාවරණය වීමත් සමඟ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 192 (1) වගන්තිය ප්‍රකාරව චුදිත නොමැතිව චුදිතයාට බලපාන ආකාරයෙන් නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යනු ලබන බවත්, නඩුවේ මීළඟ දිනය 2026.12.08 දින ලෙස ගන්දර පොලිස් ස්ථානය වාර්තා කර ඇත.