
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීති පීඨයේ සිසුන්ගෙන් සියයට 75ක් පමණ කාන්තාවන් වන නමුත් මෙරට ජනාධිපති නීතීඥවරියන් නොමැති තරම් බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න සඳහන් කළේය.
“නීති පීඨයේ සිසුන්ගෙන් සියයට හැත්තෑපහක් කාන්තාවන් වන නමුත් මුළු රටේම සිටින්නේ ජනාධිපති නීතීඥවරියන් දෙතුන් දෙනෙකු පමණයි” යනුවෙන් කාන්තා සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත විවාදයේදී වික්රමරත්න පාර්ලිමේන්තුවට පැවසීය.
“මොකක්ද මේ ප්රශ්නේ? ආකල්පමය ගැටලුවක් ඇති බව පේන්න තියෙනවා. අපි මෙය පිළිගත යුතුයි. අපිට මේකෙන් පැනලා යන්න බෑ.” ඔහු සඳහන් කළේය.
කාන්තා සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත රජය සහ පාර්ලිමේන්තුවේ කාන්තා බල මණ්ඩලයේ ප්රශංසනීය උත්සාහයක් බව ඔහු පැවැසීය.
කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් තුරන් කිරීමේ සම්මුතිය 1979 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරන ලද නමුත් එය තවමත් ශ්රී ලංකාව තුළ නීතියක් බවට පත්කර නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart