
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘සිරියලිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ, ලබන ඔක්තෝබර් 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා ප්‍රේමරත්න නියෝග කළාය.
පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවාගෙන එනු ලැබුවාය.
ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ මුදල් තවමත් සුදුවැල්ල ශාඛාවේ පිහිටි ‘සිරියලිය සවිය’ ගිණුමේ සුරක්ෂිතව පවතින බවයි.
සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 160 ක මුදලක් අවශ්‍යව තිබූ නමුත්, 2014 වසර වන විට එකතු කර ගැනීමට හැකිවූයේ රුපියල් මිලියන 42 ක මුදලක් පමණක් බවත්, ආණ්ඩු පෙරළියෙන් පසුව කරන ලද පැමිණිල්ලකට අනුව එම ගිණුම අත්හිටුවීමට ලක්වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, ‘සිරියලිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ජාතික ඉතුරුම් බැංකුවේ හිටපු සභාපති මෙන්ම හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.
රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට නියෝග කළ අධිකරණය, ඔහුට විදේශගමන් තහනමක් ද පනවා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart