
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට වගා කෙරෙන කුඹුරුවලින් තුනෙන් එකක වී වගාව නතර කිරීමට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කර ඇත. එසේ නොකළහොත් ගොවි ජනතාව මෙන්ම මෙරට ආර්ථිකය සහ කෘෂිකර්මාන්තය ද බරපතළ අර්බුදයකට මුහුණ දෙනු ඇති බව ද ඔහු පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකර ඇත්තේ ඊයේ (26) පොලොන්නරුව, හිඟුරක්ගොඩ, ගල්අමුණ ප්‍රදේශයේ පැවැති සුපිරි වී යාය වැඩසටහනට එක්වෙමිනි.
වී අස්වැන්න සඳහා ප්‍රමාණවත් වෙළෙඳපොළක් නොමැතිවීම හේතුවෙන් ගොවීන්ට තම අස්වැන්න අලෙවි කර ගැනීමේ ගැටලුවක් මතුව ඇති බවත්, වී අලෙවි මණ්ඩලය සතු තොග වෙළෙඳපොළට නිකුත් කළහොත් වී සහ සහල් මිල තවදුරටත් පහත වැටීමේ අවදානමක් පවතින බවත් අමාත්‍යවරයා එහිදි සඳහන් කර ඇත.
එබැවින් වී වගාවට අමතරව වෙනත් බෝග වගාවන් සඳහා ගොවීන් යොමු කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත්, ඒ අනුව හම්බන්තොට ප්‍රදේශයේ කුඹුරු අක්කරයකින් අටෙන් එකක් කුරක්කන් වගාව සඳහා යොමු කරන අතර, ඒ වෙනුවෙන් ගොවීන්ට අමතර රුපියල් 10,000ක මුදලක් ලබාදීමටද කටයුතු කරන බව එහිදි සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart