
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සයිබර් අපරාධ ඇතුළු දූෂණ හා සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ දිවයිනට පැමිණ සිටින රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් ඇලෙක්සැන්ඩර් ගුට්සන් අතර ඊයේ (26) පස්වරුවේ කොළඹදී පැවැති හමුවේදී මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.
මෙහිදී දෙරට අතර නීතිමය සහයෝගීතාව වර්ධනය කර ගැනීම, තොරතුරු හුවමාරු කර ගැනීම සහ නීති විරෝධී ක්‍රියාකාරකම් මර්දනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
දූෂණය, සයිබර් අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දෙරටටම පවතින ප්‍රධාන අභියෝගයක් බැවින් ඒවා මැඩපැවැත්වීමට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම රුසියානු ප්‍රධාන අභිචෝදක ජනරාල්වරයා එහිදී අවධාරණය කර ඇත.
නවීන තාක්ෂණය භාවිතයෙන් සිදුවන සයිබර් අපරාධ, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය ඇතුළු අපරාධ මැඩපැවැත්වීම සඳහා තොරතුරු හුවමාරු කර ගැනීම සහ තාක්ෂණික පුහුණුව ලබාදීම ද මෙම සහයෝගීතාවයේ ප්‍රධාන අරමුණු අතර වේ.
මේ සඳහා නවීන තාක්ෂණික සහාය ලබාදීමට රුසියාව දක්වන කැමැත්ත සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart