October 8, 2026

පනාගොඩ ප්‍රදේශයේදී 65 හැවිරිදි පදිකයෙකු අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ රාත්‍රියේ (ඔක්තෝබර් 7) මන්ත්‍රීවරයා ධාවනය කළ රථය පදිකයාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.

තවාල ලැබූ පුද්ගලයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.