
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව පවසමින් ඊට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් පෙළක් සලකා බලමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ, කච්චතීවු අසලදී ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ඉන්දියාවේ දෙමළ ධීවරයන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බවයි.
මෙම ගැටලු පිළිබඳව රජය පූර්ණ අවබෝධයකින් පසුවන බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවත් නීතිපති ආර්. වෙන්කටරමනි ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, විනිසුරු සංජේ කුමාර් සහ විනිසුරු සංජීව් සච්දේවාගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් නඩුවේ විභාගය 2027 පෙබරවාරි දක්වා කල් තබා ඇත.
1974 සහ 1976 ඉන්දු-ලංකා සමුද්‍රීය ගිවිසුම් පිළිබඳව අදහස් දක්වමින් විනිසුරු කුමාර් ඇටෝර්නි ජනරාල්වරයාගෙන් විමසා සිටියේ, “ඔබ මේ ගිවිසුම සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කරනවාද?” යන්නයි.
ඊට පිළිතුරු දෙමින් නීතිපතිවරයා සඳහන් කළේ, “රජය මෙම කරුණට මැදිහත් වීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. ආරම්භයේදී එකඟතාවන්ට පැමිණියත් පසුකාලීනව එය අතහැර දමා තිබෙනවා,” යනුවෙනි. එමෙන්ම ශ්‍රී ලංකාව සමග පවතින ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා අතපසු කරගැනීමට ඉන්දියාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉන්දීය ධීවරයන් ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකර යාම පිළිබඳව අදහස් දැක්වූ නීතිපතිවරයා කියා සිටියේ, සාගර දූෂණය හේතුවෙන් ඉන්දීය වෙරළාශ්‍රිතව මත්ස්‍යයන් අඩුවීම මෙයට හේතුවක් වී ඇති බවට විශ්වාස කෙරෙන බවයි.
“අපේ මුහුද දූෂණය වෙනවා. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට යන්න එපා කියලා ධීවරයන්ට දැනුම් දී තිබුණත්, ඔවුන් තවමත් එහි යනවා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
කෙසේවෙතත් තමිල්නාඩු ප්‍රාන්තයේ අතිරේක නීතිපති ප්‍රශාන්ත චන්ද්‍ර සෙන්, ධීවරයින් ජල මූලාශ්‍ර දූෂණය නොකරන බව පවසමින් ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීය.
ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටින ධීවරයින් 20 දෙනෙකු කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ප්‍රධාන අමාත්‍ය සී. ජෝසප් විජේ විසින් මධ්‍යම රජයට යැවූ මෑතකාලීන ලිපිය උපුටා දක්වමින්, අතිරේක නීතිපති හරීප්‍රියා ප්‍රකාශ කළේ මෙම ගැටලුව මධ්‍යම රජය විසින් ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කර විසඳා ගත යුතු බවයි.
අදාළ ගිවිසුම තහවුරු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු උපලේඛනය සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය බව ජ්‍යෙෂ්ඨ නීතිඥ පී. විල්සන් පැවසීය.
මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් යම් පියවරක් ගත යුතු බව අවධාරණය කළ විනිසුරු කුමාර්, නිශ්චිත සීමාවකින් ඔබ්බට නොයන ලෙස ධීවරයින්ව දැනුවත් කළ යුතු බව ද සඳහන් කළේය.
මෙහිදී නැවතත් කරුණු අවධාරණය කළ විනිසුරු කුමාර් සඳහන් කළේ, ධීවරයන් අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට යම් පියවරක් ගතයුතු බවත්, විශේෂයෙන්ම යම් නිශ්චිත සීමාවකින් ඔබ්බට නොයන ලෙස ධීවරයන් නිරන්තරයෙන් දැනුවත් කළ යුතු බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart