
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
WhatsApp සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ක්‍රියාත්මක වූ ව්‍යාජ මාර්ගගත ආයෝජන වංචාවකට හසුවීමෙන්, වයස අවුරුදු 60 ගණන්වල පසුවන විශ්‍රාමික වෘත්තීය ඉංජිනේරුවරියකට රුපියල් මිලියන 9කට (ලක්ෂ 90කට) අධික මුදලක් අහිමි වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) පවසයි.
රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි වසර 40කට වැඩි සේවා පළපුරුද්දක් සහිත, මූල්‍යමය වශයෙන් ස්ථාවර මට්ටමක පසු වූ මෙම කාන්තාව, පෞද්ගලික විශ්‍රාමික නිවාස සංකීර්ණයක පදිංචිව සිට ඇත.
ඇය සතුව රුපියල් මිලියන 10 ඉක්මවූ බැංකු තැන්පතු මෙන්ම ප්‍රමුඛ පෙළේ නිවාස සංකීර්ණයක පිහිටි නිවසක් ද පැවති බව වාර්තා වේ.
ඇය ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත, මාර්ගගත බැංකු කටයුතු සහ ප්‍රවාහන සේවා යෙදවුම් වැනි නවීන තාක්ෂණය පිළිබඳ මනා දැනුමක් තිබූ තැනැත්තියක වුව ද, ආයෝජන උපදේශකයන් ලෙස පෙනී සිටි වංචාකරුවන්ගේ උපක්‍රමවලට හසුවී තිබේ.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට අනුව, මෙම වංචාව ආරම්භ වී ඇත්තේ සෑම මාස තුනකට වරක්ම ආයෝජනය කරන මුදල දෙගුණ කර දෙන බවට පොරොන්දු වෙමින් WhatsApp ඔස්සේ ලැබුණු පණිවිඩයකිනි.
අධික ලාභාංශ අපේක්ෂාවෙන් ඇය මෙම ජාවාරම්කරුවන් වෙත මුදල් ආයෝජනය කිරීමට පෙළඹී ඇත.
මූලික මාස කිහිපය තුළ ඇය වෙත ලාභාංශ ලෙස සැලකිය යුතු මුදලක් ලැබී ඇති අතර, ඒ හේතුවෙන් මෙම ආයෝජන ක්‍රමය සත්‍ය එකක් බවට ඇය විශ්වාස කර තිබේ.
කෙසේවෙතත්, එවැනි වංචනික ක්‍රියාවලදී බහුලව භාවිත වන උපක්‍රමයක් ලෙස, ඇයට ලාභාංශ වශයෙන් ගෙවා ඇත්තේ ඇය විසින්ම ආයෝජනය කරන ලද මුදල්වලින් කොටසක් බව පසුව අනාවරණය වී ඇත.
කාලයත් සමඟ මෙම ගෙවීම් ක්‍රමයෙන් අඩුවී සම්පූර්ණයෙන්ම නතර වී ඇති අතර, එහිදී ද විවිධ කරුණු දක්වමින් වංචාකරුවන් ඇයව තවදුරටත් මුදල් ආයෝජනය කිරීමට පොළඹවා ඇත.
මේ ආකාරයෙන් ඇය ආයෝජනය කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 10කට ආසන්න වේ.
ඇය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සහාය පතන විටත්, වංචාකරුවන් විසින් ඇය සතු නිවස ද විකුණා එම මුදල් ද ආයෝජනය කරන ලෙස ඇයට බලපෑම් කරමින් සිටි බව වාර්තා වේ.
සිද්ධියට වහාම මැදිහත් වූ SLCERT ආයතනය, ඇයව මෙම වංචාවෙන් මුදාගැනීමට කටයුතු කර ඇත.
වින්දිත කාන්තාව තමන් සිදුකළ මූල්‍ය ගනුදෙනුවලට අදාළ සියලු වාර්තා නිසි ලෙස සුරක්ෂිතව තබාගෙන තිබීම හේතුවෙන්, එම සියලු සාක්ෂි ද සමඟින් SLCERT ආයතනය මෙම සිද්ධිය ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත යොමුකර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශනයක් ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart