
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සාමණේර හිමිනමකට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ භික්ෂුවක් ගොනුකළ අභියාචනය අභියාචනාධිකරණය විසින් නිෂේධනය කර ඇති අතර, එම භික්ෂුවට නියම වූ වසර 10 ක බරපතල වැඩ සහිත සිරදඬුවම තහවුරු කර ඇත.
විද්යාමාන සාක්ෂි සහ වින්දිත සාමණේර භික්ෂුවගේ සාක්ෂිය විශ්වාසදායක බව නිගමනය කරමින් මහාධිකරණ විනිසුරුවරයා ලබාදුන් තීන්දුව සාධාරණ බව ප්රකාශ කරමින්, අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්රේමචන්ද්ර යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම අභියාචනය නිෂේධනය කර තිබේ.
දණ්ඩ නීති සංග්රහයේ 365B(2)(b) වගන්තිය යටතේ බරපතල ලිංගික අපයෝජන චෝදනා දෙකකට චූදිත හිමියන් වරදකරු කරනු ලැබුවේ පොළොන්නරුව මහාධිකරණය විසිනි.
2014 නොවැම්බර් 23 සහ 2015 ජනවාරි 23 අතර කාලය තුළ, චූදිත භික්ෂුව වැඩවිසූ විහාරස්ථානයේම පදිංචිව සිටි එවකට අවුරුදු 7ක් වයසැති සාමණේර හිමිනමට මෙම අපයෝජනය සිදුකර ඇති බවට චෝදනා එල්ල වී තිබිණි.
නඩු විභාගයෙන් අනතුරුව, මහාධිකරණය විසින් එක් චෝදනාවකට වසර 10 බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 50,000 බැගින් වූ දඩ මුදල් නියම කළ අතර, දඩ නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවම් නියම කරන ලදී.
එම සිරදඬුවම් දෙක එකගෙයි ගෙවී යන ලෙස ක්රියාත්මක කිරීමට නියෝග කෙරුණි.
මීට අමතරව, වින්දිත සාමණේර හිමියන්ට රුපියල් 100,000 ක වන්දියක් ගෙවන ලෙසද චූදිත හිමියන්ට නියෝග කෙරිණි.
ඉන් අනතුරුව චූදිත භික්ෂුව තමාව වරදකරු කිරීම සහ දඬුවමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර තිබිණි.
සිය තීන්දුව ප්රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය සඳහන් කළේ, වින්දිත සාමණේර භික්ෂුව සිදුවීම සම්බන්ධයෙන් ස්ථාවර සහ විස්තරාත්මක සාක්ෂියක් ලබාදී ඇති බවත්, හරස් ප්රශ්න ඇසීමේදී මතු වූ පරස්පරතාවයන් ලිංගික අපයෝජනය පිළිබඳ ප්රධාන චෝදනාවලට අදාළ නොවන බවත්ය.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න පෙනීසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart