
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිගු කලක් තිස්සේ ප්රමාද වී ඇති පළාත් සභා මැතිවරණය අවසානයේ කිසිදු ප්රතිඵලයක් නොමැති, අහෝසි වී යන සිදුවීමක් බවට පත්වීමේ අවදානමක් පවතින බව දේශපාලන විශ්ලේෂක සහ හිටපු රාජ්ය තාන්ත්රිකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක පවසයි.
“ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම්වරයා, එම පක්ෂයේ හිටපු ලේකම් ලයනල් බෝපගේට පවසා ඇත්තේ තම පක්ෂයට පළාත් සභා හෝ ඉන්දු-ලංකා ගිවිසුම අවශ්ය නොවන බවයි. අවම වශයෙන් ලයනල් බෝපගේ, ටිල්වින් සිල්වා කළ එම ප්රකාශ සෝෂල් මීඩියා හරහා ප්රසිද්ධ කිරීමට තරම් යහපත් වුණා,” යනුවෙන් ‘තර්ජනයට ලක්ව ඇති ප්රජාතන්ත්රවාදය සහ ස්වෛරීභාවය’ යන මැයෙන් පැවැති සංවාද මණ්ඩපයකදී දයාන් ජයතිලක සඳහන් කළේය.
“පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා පත් කළ තේරීම් කාරක සභාවට කිසිදු කාලසීමාවක් ලබා දී නැහැ. මෙයින් අදහස් කරන්නේ පළාත් සභා මැතිවරණය කිසිසේත්ම නොපැවැත්වීමට ඉඩ ඇති බවයි. ආණ්ඩුවේ මධ්යම මට්ටමේ පාලන තලය තෝරා පත් කරගැනීමට අදාළව ශ්රී ලාංකික ජනතාවගේ ඡන්ද අයිතිය මේ වන විට අහෝසි කර තිබෙනවා. එමෙන්ම, සමස්ත මැතිවරණ ක්රමය පිළිබඳව සොයා බැලීමට තවත් කාරක සභාවකුත් පත් කර තිබෙනවා. මෙය සමස්ත ජනතාවගේම ඡන්ද අයිතිය අහෝසි කිරීමක් බවට පත්වෙන්න පුළුවන්. මෙය ඉතා භයානක තත්ත්වයක්. එකතු විය හැකි සියලු දේශපාලන පක්ෂ රට වෙනුවෙන් එකතු විය යුතුයි,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart