
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිද්දෙණිය ත්රිත්ව ඝාතනය සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (03) සවස් කාලයේ එම සැකකරු මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ වීරකැටිය පොලිස් වසමේදීය.
අත්අඩංගුවට ගත් සැකකරු ජුලම්පිටිය ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.
මෙම සැකකරු විසින් වෙඩිතැබීම සිදුකළ සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට දැනට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇති පොලිසිය පවසයි.
ඉකුත් 18වනදා සිදුකළ මෙම වෙඩිතැබීමෙන් අරුණ විදානගමගේ නොහොත් ‘කජ්ජා’ හා ඔහුගේ දරුවන් දෙදෙනා ඝාතනය විය.
ඒ අනුව, මෙම අපරාධයට අදාළව මේ දක්වා සැකකරුවන් 07 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart