
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තේ වතු ආශ්‍රිතව පිහිටි ඉඩම් කොටස් 362 කින් සමන්විත භූමි ප්‍රදේශය ‘හාලි ඇල ජල මූලාශ්‍ර රක්ෂිතය’ නමින් පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස පරිසර අමාත්‍යාංශය ගැසට් කර තිබේ.
අමාත්‍යාංශය පවසන්නේ, ජල මුලාශ්‍ර රක්ෂිතය ප්‍රාදේශයේ රුක්රෝපණ වැඩසටහන්, පානීය ජල සැපැයීමේ ව්‍යාපෘති සහ එම ප්‍රදේශයේ තිරසාර සංවර්ධනයට අදාළ ක්‍රියාකරකම් අවසර ලබාගැනීමකින් අනතුරුව සිදුකළ යුතු බවයි.
ජල මූලාශ්‍ර සංරක්ෂණය සහ නීතිමය රැකවරණය සැලසීමේ අරමුණින් මෙම ප්‍රදේශය පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවරගෙන ඇති අතර, ජාතික පාරසරික පනතේ විධිවිධානයන්ට අනුව පාරිසරික වශයෙන් අද්විතීය ප්‍රදේශ පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ ලෙසද ප්‍රකාශයට පත්කරනු ලබයි.
ශ්‍රී ලංකාව තුළ මේවන විටත් පරිසර ආරක්ෂණ ප්‍රදේශ දහයක් නම් කර ඇති අතර, “හාලි ඇල ජල මූලාශ්‍ර රක්ෂිත පරිසර ආරක්ෂණ ප්‍රදේශය” එකොළොස්වැනි පරිසර ආරක්ෂණ ප්‍රදේශයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart