
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන් බදු අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය හේතුවෙන් මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වයට මෑතකදී පාර්ලිමේන්තුවට ගෙනඑන ලද දේශීය ආදායම් සංශෝධන පනතට අනුව විසඳුමක් ලබාගැනීමට හැකිවේදැයි පැහැදිලි කරන ලෙස අභියාචනාධිකරණය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.
තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් සේ සලකා තමන්ගෙන් පෞද්ගලික අත්තිකාරම් බදු අයකිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරමින් ඉල්ලා ශ්‍රී ලංකා එක් දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වල නායකයන් වන ධනංජය ද සිල්වා, චරිත් අසලංක මෙන්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳ වූ අවස්ථාවේදී විනිසුරු මඩුල්ල මේ බව සඳහන් කළහ.
මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
එහිදී අධිකරණය පෙන්වාදුන්නේ, මෑතකදී දේශීය ආදායම් පනතට සිදුකළ සංශෝධනයට අනුව ස්වාධීන සේවා සපයන්නන් වෙනමම වර්ගීකරණය කර තිබෙන බවත්, එම වර්ගීකරණය කළ පිරිසට පෞද්ගලික අත්තිකාරම් බද්ද අදාළ නොවන බවට දක්වා තිබෙන බවත් ය.
එම තත්වය යටතේ මෙම පෙත්සම්කරුවන්ගේ ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකියාවක් තිබේදැයි මෙහිදී විනිසුරු මඩුල්ල දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහගෙන් විමසීය.
මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සදහන් කළේ අදාළ සංශෝධනය මෙම ගැටලුව නිරාකරණය කිරීමට උපයෝගී කරගත නොහැකි බවයි.
ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වී කටයුතු කරන පුද්ගලයන් බවත් ඔවුන්ට මෙම ප්රතිපාදනය අදාළ නොවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ දේශීය ආදායම් පනතට මෑතකදී සිදුකළ සංශෝධනය ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද අදාළ වන බවයි.
තම සේවාදායකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් නොවන බවත් ඔවුන් ස්වාධීන සේවා සපයන්නන් ගණයට ඇතුළත් වන බවත් නීතිඥවරයා පෙන්වාදුන්නේය.
මෙම බදු අර්බුදය හේතුවෙන් ක්‍රීඩකයන්ට ලැබිය යුතු ගෙවීම් අත්හිටුවා තිබෙන බවත් මේ නිසා ඔවුන් අපහසුතාවයන්ට මුහුණ දී තිබෙන බවත් නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේමතිරත්න කියාසිටියේය.
ඒ අනුව මෙම කරුණට අදාළ ලිඛිත සැලකිරීම් තිබේ නම් ඒවා සතියක කාලයක් තුළ ගොනුකරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල මෙම නඩුකරවලට අදාල තීන්දුව අගෝස්තු මස 31 වනදා ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනය කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart