March 18, 2026

ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් එක්සත් ජනපදයේ ජාතික ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝ කෙන්ට් ඉල්ලා අස්වී තිබේ.

“ඉරානයේ සිදුවෙමින් පවතින යුද්ධයට මට හොඳ හෘද සාක්ෂියක් ඇතුව සහාය දිය නොහැක” යනුවෙන් කෙන්ට් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යවමින්, එම ලිපිය සිය X ගිණුමේ පළකර ඇත.

“ඉරානය අපේ රටට ආසන්න තර්ජනයක් එල්ල නොකළ අතර, අපි මෙම යුද්ධය ආරම්භ කළේ ඊශ්‍රායලයේ සහ එහි බලගතු ඇමරිකානු පාර්ශ්වයේ පීඩනය නිසා බව පැහැදිලිය.” ඔහු එහි වැඩිදුරටත් සඳහන් කරයි.