November 7, 2026

ඊයේ කොළඹ ප්‍රදේශ රැසකට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවී කොළඹ ජාතික රෝහලේ කටයුතුවලට බාධා එල්ල වූ අතර, මේ වන විට එහි මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත්ව තිබේ.

බලපෑමට ලක්වූ ප්‍රදේශ පිරිසිදු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කඩිනමින් කටයුතු කළ අතර, පැය කිහිපයක් ඇතුළත පිරිසිදු කිරීමේ කටයුතු නිමකර සාමාන්‍ය මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීමට හැකිවිය.

කොළඹ නගරයට ඇදහැලුණු දැඩි වර්ෂාපතනයත් සමඟ මෙම ගංවතුර තත්ත්වය හටගත් අතර, පැය කිහිපයක් ඇතුළත මිලිමීටර් 129 ක වර්ෂාපතනයක් වාර්තා වූ බවත්, එමගින් නගරය පුරා පහත්බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවූ බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.