
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යාපාරිකයකු පල්ලියක යාච්ඤා කිරීමට ගිය අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින්, මෝටර් රථයේ සඟවා තිබූ රුපියල් ලක්ෂ අටහමාරක මුදලක් සමඟ එහි සහායකයා අතුරුදන්වී ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.
බණ්ඩාරගම, අටුලුගම, බදුවක්ක ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හුසේන් මොහොමඩ් නවුෆර් නැමැති ව්‍යාපාරිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.
පැලවත්ත ප්‍රදේශයේ වසර 20ක පමණ කාලයක සිට පුවක්, ගම්මිරිස් සහ කරුංකා ඇතුළු කුළුබඩු ව්‍යාපාරයක් පවත්වාගෙන යන පැමිණිලිකාර ව්‍යාපාරිකයා, පෙරේදා (04) දහවල් තම සහයකයා සමඟ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී පෞද්ගලික බැංකුවකින් මෙම මුදල ලබාගෙන ඇත.
පසුව සස්වර් 3.00ට පමණ වැලිපැන්න ප්‍රදේශයේදී මෝටර් රථය නවත්වා, මෝටර් රථයේ හිරු එළිය ආවරණය කරන පුවරුව (Sun visor) මත එම මුදල් තබා ඔහු යාච්ඤා කිරීම සඳහා දේවස්ථානයට ගොස් තිබේ. යළි පැමිණ බලන විට මෝටර් රථයේ තිබූ මුදල් මෙන්ම සහායකයාද අතුරුදන්වී ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart