
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ප්‍රකට ශ්‍රී ලාංකේය සිනමාපටයක් වන ධර්මසේන පතිරාජයන්ගේ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවරදී ප්‍රදර්ශනය කර තිබේ.
හේග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සහයෝගීතාවෙන් මෙම විශේෂ දර්ශනවාරය නොවැම්බර් 01 වැනි දින ඇම්ස්ටර්ඩෑම් හි ‘Eye Filmmuseum’ හිදී පැවැත්විණි.
නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන, සංස්කෘතික හා විද්‍යා අමාත්‍යාංශයේ නියෝජිතයන්, විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන්, ශාස්ත්‍රඥයන්, සංස්කෘතික සංවිධානවල නියෝජිතයන් සහ නෙදර්ලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම අවස්ථාව අමතමින් නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති රේඛා ගුණසේකර ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය සහ සිනමාව හරහා විශ්වීය මානව අත්දැකීම් නිරූපණය කිරීමට ශ්‍රී ලාංකේය සිනමාකරුවන් දක්වන දායකත්වය අවධාරණය කළාය.
ශ්‍රී ලංකා සිනමාව ජාත්‍යන්තර මට්ටමින් ප්‍රවර්ධනය කිරීමටත්, දෙරට අතර සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත් මෙම චිත්‍රපට දර්ශනය මනා අවස්ථාවක් වූ බව ඇය සඳහන් කළාය.
දිවංගත ධර්මසේන පතිරාජයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ දිවංගත ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත නිර්මාණයක් වන ‘බඹරු ඇවිත්’ යනු සම්මානනීය ශ්‍රී ලංකා සිනමාපටයකි. සිංගප්පූරුවේ ආසියානු චිත්‍රපට සංරක්ෂණගාරය මඟින් ප්‍රතිසංස්කරණය කරන ලද පළමු දකුණු ආසියාතික චිත්‍රපටය ද එය වේ.
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ඓතිහාසික සබඳතා වසර 425 කට ආසන්න අතීතයකට දිව ගියද, විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර ඇත්තේ 1951 නොවැම්බර් 23 වැනි දින බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සැමරීම සඳහා සංවිධානය කරන ලද වැඩසටහන් මාලාවක එක් අදියරක් ලෙස මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.
චිත්‍රපට ප්‍රදර්ශනයෙන් අනතුරුව, සහභාගී වූ ආරාධිතයන් වෙත ලංකා තේ සමඟ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කැවිලි සහ කෙටි ආහාර පිළිගන්වන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart