April 3, 2026

බ්‍රහස්පතින්දා ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින්, එක්සත් ජනපද හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩි ජෝර්ජ් සේවයෙන් පහකරන ලද බව රොයිටර් පුවත් සේවයට වාර්තා කරයි.

පෙන්ටගනයේ ජ්‍යෙෂ්ඨතම නිලයන් අතර නවතම වෙනස්කිරීම මෙය වේ.

කෙසේවෙතත් යුද සමයකදී ජෙනරාල්වරයකු සේවයෙන් පහකිරීම පූර්වාදර්ශයක් නොවේ.

වසරකට වැඩි කාලයක් එම තනතුරේ සේවය කළ රැන්ඩි ජෝර්ජ්, “වහාම ක්‍රියාත්මක වන පරිදි 41 වන හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරින් විශ්‍රාම යන” බව පෙන්ටගනය තහවුරු කර තිබේ.

ජෝර්ජ්ගේ දශක ගණනාවක සේවයට කෘතඥ වන බව පෙන්ටගනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. “ඔහුගේ විශ්‍රාම යාම ගැන අපි ඔහුට සුබ පතමු,” එහි සඳහන් වේ.

මේ අතර, හෙග්සෙත් විසින් හමුදාවේ පරිවර්තන සහ පුහුණු අණදෙන නිලධාරි ජෙනරාල් ඩේවිඩ් හොඩ්න් සහ හමුදාවේ චැප්ලින් බළකායේ ප්‍රධානී මේජර් ජෙනරාල් විලියම් ග්‍රීන් ද සේවයෙන් පහකර ඇති බව අනාවරණය වේ.

එක්සත් ජනපද හමුදාව ඉරානයට එරෙහිව මෙහෙයුම් සිදුකරන අතරතුර සිදුකෙරුණු මෙම ඉවත්කිරීම් සම්බන්ධයෙන් පෙන්ටගනය හේතුවක් දක්වා නැත.