
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ජාතික වනෝද්‍යාන තුළ සිදු කෙරෙන බව කියන වාණිජමය බිකිනි ඡායාරූපකරණයන් සම්බන්ධයෙන් මේ වන විට ප්‍රශ්න මතුව ඇති අතර, ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස හිටපු වනජීවී නිලධාරිනියක ඉල්ලා සිටින අතරතුර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.
යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වනාන්තර පරිසරයක බිකිනි සහ විලාසිතා ඡායාරූපකරණයන් සඳහා පහසුකම් ඇති බවට සමාජ මාධ්‍ය සටහනක් මගින් ප්‍රචාරය කිරීමත් සමඟ තණමල්විල ප්‍රදේශයේ නවාතැන් පහසුකම් සපයන ආයතනයක් වෙත ද මේ වන විට අවධානය යොමු වී තිබේ.
බිකිනි ඇඳුමින් සැරසුණු විදේශීය කාන්තාවන් පෙනී සිටින ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වෙමින් පවතින අතර, එමගින් ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසරය වාණිජමය වශයෙන් භාවිතා කිරීම සහ ආරක්ෂිත වනජීවී කලාප තුළ හා ඒ අවට සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි සංවාදයක් නිර්මාණය වී ඇත.
කෙසේ වෙතත්, Anilka Rooms & Eco Estate ආයතනයේ ප්‍රවර්ධන කටයුතු සහ ජාතික වනෝද්‍යාන තුළ අනවසරයෙන් වාණිජ ඡායාරූපකරණයන් සිදු කළ බවට එල්ල වන චෝදනා අතර සෘජු සම්බන්ධතාවක් තහවුරු කිරීමට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නොමැත.
මේ සම්බන්ධයෙන් ‘ඩේලි මිරර්’ පුවත්පතට අදහස් දක්වමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසා ඇත්තේ, මෙම සිදුවීම පිළිබඳව යාල ජාතික වනෝද්‍යාන ආරක්ෂක කවුළුවෙන් තමන්ට කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි.
බිකිනි හෝ ඊට සමාන ඇඳුම් ඇඳගෙන සංචාරකයන්ට ජාතික වනෝද්‍යානයකට ඇතුළුවීම තහනම් කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව තහවුරු කළේය.
මේ අතර, ලුණුගම්වෙහෙර, යාල සහ කුමන ජාතික වනෝද්‍යාන තුළ සිදු කෙරෙන බව කියන වාණිජමය බිකිනි ඡායාරූපකරණයන් පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වන ලෙස ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ ඉල්ලා සිටියාය.
“අපගේ ජාතික වනෝද්‍යාන වනජීවීන්ට සහ සංචාරයට පැමිණෙන පවුල්වලට ආරක්ෂිත පූජනීය ස්ථාන වේ: මෙම නීතිවිරෝධී බිකිනි ඡායාරූපකරණ ජාවාරම වහා නවත්වනු!” යන මැයෙන් ෆේස්බුක් සටහනක් තබමින් ඇය, අඩනිරුවත් පිහිනුම් ඇඳුමින් සැරසුණු විදේශීය නිරූපිකාවන් යොදා ගනිමින් ඡායාරූපකරණ පැකේජ ප්‍රචාරය කරන බව කියන පෞද්ගලික වාණිජ ආයතනයක ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රශ්න කර තිබේ.
ඇයගේ චෝදනාවලට අනුව, මෙම ඡායාරූපකරණයන් සඳහා නිරූපිකාවන් ජාතික වනෝද්‍යාන තුළ පෙනී සිටින අතර, ඊට අදාළ කටයුතු සඳහා විවෘත සෆාරි ජීප් රථ ද යොදා ගන්නා බව පැවසේ.
සංචාරකයන් සමඟ ගමන් කිරීමට අනුයුක්ත කර ඇති වනජීවී නිලධාරීන්ගේ සහ සෆාරි මාර්ගෝපදේශකයන්ගේ අනුදැනුමකින් තොරව මෙවැනි ක්‍රියාකාරකම් සිදුවන්නේ කෙසේදැයි ඇය ප්‍රශ්න කර සිටියාය.
මෙම මෙහෙයුම්කරුවන් අදාළ බලපත්‍ර සහ අනුමැතීන් ලබාගෙන තිබේද යන්න පිළිබඳව විමර්ශනය කරන ලෙස ඇය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක පොලිසිය සහ අනෙකුත් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතරතුර වාණිජ නිරූපණ සහ ඡායාරූපකරණ කටයුතුවල නියැලීමට මෙම විදේශීය ජාතිකයන්ට නීත්‍යානුකූල අවසරයක් තිබේද යන්න පිළිබඳව ද ඇය ප්‍රශ්න මතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart