
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනි ජුලී චුන්ග් පසුගිය 17 වැනිදා ශ්‍රී පාදස්ථානය වැඳපුදාගෙන ඇත.
වන්දනා නඩ සහ වික්‍රමයන්ට ප්‍රිය කරන පුද්ගලයන් සමග එක්ව ශ්‍රී පාදස්ථානය වැඳපුදාගත් බව ශ්‍රී ලංකාවේ ජූලි චන්ග් ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී පාද කන්දේ ඇති ස්වභාව සෞන්දර්යය, ඓතිහාසික වැදගත්කම අගය කරමින් මෙන්ම සියලු ආගම් ශ්‍රී පාදස්ථානයට දක්වන ගෞරවය සිතෙහි තබා ගෙන තමා ශ්‍රී පාද කන්ද තරණය කළ බව ද ඇය පවසයි.
ශ්‍රී පාද කන්ද තරණය කිරීම අභියෝගයක් ගෙන දුන් නමුත්, කඳු මුදුනට දර්ශනය වන ඉර සේවය දුටු විට එම අභියෝගය බාර ගැනීම පිළිබඳව සතුටු වූ බව ද ඇය ප්‍රකාශ කර තිබේ.
දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණයන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමග සිදු වූ උණුසුම් හමුවීම් ගමනේ හොඳ සිදුවීම් බව ඇය සඳහන් කරයි.
තේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් දුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තමන්ට තිබූ ගෞරවය තවත් වැඩි කළ බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart