
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර 10 ක දිගු විරාමයකින් පසු බ්රිතාන්ය ගුවන් සේවය ශ්රී ලංකාව වෙත යළි සිය ගුවන් ගමන් ආරම්භ කරමින්, ප්රථම ගුවන් යානය අද (24) උදෑසන කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට ළඟා වී තිබේ.
ලන්ඩන් ගැට්වික් ගුවන් තොටුපොළේ සිට BA2045 දරන ගුවන් වාරය ක්රියාත්මක කරමින් මෙරටට පැමිණ ඇත්තේ Boeing 777-200ER වර්ගයේ ගුවන් යානයකි. මෙම සේවය ආරම්භ වීමත් සමඟ ශ්රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර ගුවන් සබඳතා යළිත් ශක්තිමත් මාවතකට පිවිසෙයි.
ඒ අනුව, ලන්ඩන් ගැට්වික් සහ කොළඹ අතර සතියකට ගුවන් වාර තුනක් ක්රියාත්මක කිරීමට නියමිතය. එක්සත් රාජධානිය යනු ශ්රී ලංකාවේ ප්රධාන සංචාරක ඉලක්කගත වෙළඳපොළක් වන බැවින්, මෙම ගුවන් සේවා නැවත ඇරඹීම මෙරට සංචාරක කර්මාන්තයේ පුනර්ජීවනයට විශාල ශක්තියක් වනු ඇතැයි සංචාරක අංශයේ ප්රධානීන් පෙන්වා දී තිබේ.
එමෙන්ම මෙම නව සේවය හරහා දෙරට අතර ව්යාපාරික ගමන් පහසු වීමත්, වෙළඳ, සංචාරක සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය වීමත් අපේක්ෂා කෙරේ.
මෙහිදී ශ්රී ලංකාව තුළ බ්රිතාන්ය ගුවන් සේවයේ සාමාන්ය විකුණුම් නියෝජිතයා (GSA) ලෙස හේලීස් සමූහ ව්යාපාරයේ අනුබද්ධ සමාගමක් වන Advantis Aviation Services ආයතනය කටයුතු කරනු ඇත.
බ්රිතාන්ය ගුවන් සේවය සඳහන් කරන ආකාරයට, මෙම කොළඹ මාර්ගය ශීත ඍතු කාලසටහන යටතේ සෘතුමය සේවාවක් ලෙස ක්රියාත්මක වන අතර, මගීන්ට Economy, Premium Economy සහ Business Class යටතේ සුවපහසු ගමන් පහසුකම් අත්විඳීමට මෙයින් අවස්ථාව සැලසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart