
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්රාහ්මණවත්ත, හරස්පොළ ධීවර වරාය අසලදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ, නීතිවිරෝධී ලෙස අල්ලන ලදැයි සැකකෙරෙන පොකිරිස්සන් 20ක් සමඟ පුද්ගලයන් දෙදෙනකු ශ්රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වෙරළාරක්ෂක බලකාය විසින් ක්රියාත්මක කරන ලද බුද්ධි තොරතුරු මත පදනම් වූ මෙහෙයුමක් අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
වෙරළාරක්ෂක බලකායට අනුව, ඔක්තෝබර් මාසය තුළ පොකිරිස්සන් ඇල්ලීම තහනම් කරමින් පනවා ඇති නීතිමය රෙගුලාසි සහ 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනතේ 34 වැනි වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන සහ නීතිමය ක්රියාමාර්ග ගැනීම සඳහා සැකකරුවන් සහ අත්අඩංගුවට ගෙන ඇති පොකිරිස්සන් තොගය භාරයට ගෙන ඇති අතර, මෙරට සමුද්රීය සම්පත් ආරක්ෂා කිරීමට සහ නීතිවිරෝධී ධීවර කර්මාන්තය වැළැක්වීමට අඛණ්ඩව ක්රියාත්මක කරනු ලබන මෙහෙයුම්වල එක් පියවරක් ලෙස මෙම වැටලීම සිදු කළ බව වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart