
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා රාජ්ය අංශය, පළාත් සභා, නගර සභා, සෞඛ්ය ක්ෂේත්රය මෙන්ම ජාතික යටිතල පහසුකම් පද්ධතියට අයත් ආයතන මගින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 80ක් දැඩි සයිබර් ප්රහාරාත්මක අවදානමකට ලක්ව ඇති බව ජ්යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය සංජන හත්තොටුව පවසයි. මේ පිළිබඳව ඔහු විසින් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
ලොව පුරා වෙබ් අඩවි මෙහෙයවීම සඳහා බහුලව භාවිත වන ‘PHP’ මෘදුකාංග පද්ධතියේ පවතින බරපතල දෝෂ දෙකක් (PHP2Shell) හේතුවෙන් මෙම අවදානම මතු වී ඇත. මෙමගින් කිසිදු මුරපදයක් (Password) නොමැතිව වෙබ් අඩවිවල පාලනය වෙනත් පාර්ශ්වයන් සතුවට ගැනීමේ හැකියාව පවතී.
අදාළ වෙබ් අඩවි 80න් 61ක්ම (75%කට වැඩි ප්රමාණයක්) නිෂ්පාදන සමාගම් විසින් වසර ගණනාවකට පෙර යාවත්කාලීන කිරීම් අත්හිටුවන ලද පැරණි මෘදුකාංග මගින් ක්රියාත්මක වන බවත්, එමගින් මහජනතාවගේ සහ රාජ්ය නිලධාරීන්ගේ සංවේදී දත්ත සයිබර් අපරාධකරුවන්ට නිරාවරණය වී ඇති බවත් අනාවරණය වේ.
විශේෂයෙන්ම විදුලිබල, වරාය, විදුලි සංදේශ, ප්රවාහන, ආපදා කළමනාකරණ සහ ආරක්ෂක යන ක්ෂේත්රවල වෙබ් අඩවි මෙලෙස ආරක්ෂිත නොවීම බරපතල තත්ත්වයකි. ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ වෙබ් අඩවිය පවා වසර දහයකට වඩා පැරණි මෘදුකාංගයක් මත ක්රියාත්මක වන බව හෙළි වී ඇත.
මෙම තත්ත්වය හමුවේ පැය 48ක් ඇතුළත අදාළ වෙබ් අඩවිවල ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත්, එසේ කිරීමට නොහැකි නම් ඒවා තාවකාලිකව අක්රිය (Offline) කරන ලෙසත් ආචාර්ය හත්තොටුව අග්රාමාත්යවරියගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම ඉදිරි සතිය ඇතුළත මෙම පද්ධති සයිබර් ප්රහාරයන්ට ලක්ව තිබේදැයි පරීක්ෂා කර, මසක් ඇතුළත යාවත්කාලීන නොකළ සියලු වෙබ් අඩවි අක්රිය කිරීමට පියවර ගන්නා ලෙසද ආචාර්ය සංජන හත්තොටුව වැඩිදුරටත් අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart