
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරැදි ආකාරයෙන් බවට ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද කමිටුව විසින් අනාවරණය කර ඇත.
ජාතික ගීයේ “මාතා’’ යන පදය වෙනුවට “මහතා’’ යැයි ගායන ශිල්පිනී උමාරා සිංහවංශ ගායනා කිරීමේ සිද්ධිය පිළිබඳ සොයා බැලීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කමිටුවක් පත් කළේය.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු සහ විමර්ශන නිලධාරියකු එම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කෙරිණි.
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සහ ගායන ශිල්පිනී උමාරා සිංහවංශගෙන් ද ප්‍රකාශ ගැනීමට එම කමිටුව කටයුතු කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ගීයේ අදාළ පදමාලා මධ්‍යම ස්වරයෙන් ගායනා කළයුතු වූවත්, ගායන ශිල්පිනිය එය ගායනා කර ඇත්තේ උච්ච ස්වරයෙන් බව විමර්ශන කණ්ඩායම විසින් කරන ලද විමර්ශනයේදී තහවුරු කරගෙන තිබේ.
එමෙන්ම, මීට පෙර පැවැති ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී මෙම ගායන ශිල්පිනිය කණ්ඩායමක් එක්ව ජාතික ගීය ගායනා කර ඇති අතර,එහිදීද “මාතා’’ වෙනුවට “මහතා’’ යැයි ගායනා කර ඇති බවද විමර්ශන කණ්ඩායම විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
විමර්ශන කණ්ඩායම විසින් අදාළ වාර්තාව ඉකුත් සිකුරාදා (18 වැනිදා) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදී තිබේ.
ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස විමර්ශන කණ්ඩායම සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි අනාවරණය වේ.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart