
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් අද (23) රාත්‍රී 11 සිට හෙට (24) පෙරවරු 6 දක්වා තාවකාලිකව වසා තැබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට කඩා වැටීමේ අවදානමක් ඇති අනතුරුදායක ගල් ඉවත් කිරීම සහ ඊට අදාළ නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා මෙම පැය හතක කාලය තුළ මාර්ගය වසා තැබීම අත්‍යවශ්‍ය වී තිබේ.
මෙම සැලසුම් කළ මාර්ග වසා දැමීම පිළිබඳව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් දිස්ත්‍රික් ලේකම්වරයා සහ අනෙකුත් අදාළ නිලධාරීන් දැනුවත් කර ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය හරහා සියලුම අදාළ පාර්ශ්වයන් වෙත ද මේ පිළිබඳව දැනුම් දී ඇත.
ඒ අනුව, අදාළ කාලසීමාව තුළ පහළ කඩුගන්නාව හරහා කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ලැබේ.
මාර්ගය වසා තැබෙන කාලය තුළ ඒ අනුව සිය ගමන් බිමන් සැලසුම් කරන ලෙසත්, විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කොළඹ සහ මහනුවර අතර ගමන් කරන රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart