November 23, 2026

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් නුවර පැවැති 2026 IPL සවි එසවීමේ ලෝක ශූරතාවලියේදී (IPL Powerlifting World Championship) කිලෝග්‍රෑම් 140 බර පන්තියෙන් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලාංකික සවි එසවීමේ ක්‍රීඩක රන්සිළු ජයතිලක සමත් වී තිබේ.

මෙම අන්තර්ජාතික ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ රන්සිළු ජයතිලක, විශිෂ්ට දක්ෂතා දක්වමින් තමා තරග වැදුණු සෑම ඉසව්වකින්ම ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් විය.