January 16, 2026

අහංගම තිත්තගල්ල ප්‍රදේශයෙන් කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් වාර්තා වී ඇත.

තොරතුර ලැබුණු වහාම අහංගම පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ තුවාල ලැබූ කාන්තාවන් රෝහල්ගත කර ඇත.

ප්‍රහාරයට සම්බන්ධ සැකකරු සිද්ධියට භාවිත කළ බව කියන තියුණු ආයුධය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය තහවුරු කරයි.

පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී තුවාල ලැබූ එක් අයකු මියගොස් තිබේ.

මියගිය තැනැත්තිය වයස අවුරුදු 80ක් වූ කාන්තාවක ලෙස හඳුනාගෙන ඇත.

සැකකරු අහංගම තිත්තගල්ල ප්‍රදේශයේම පදිංචි 52 හැවිරිදි අයෙකි.

ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අහංගම පොලිසිය විසින් සිදුකරනු ලැබේ.