
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුවන් හමුදා බුද්ධි අංශයට ලත් තොරතුරකට අනුව ක්රියාත්මක වූ වනජීවී නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව ඊයේ (10) කුරුවිට, පැරඩයිස් ප්රදේශයේ සිදුකළ හදිසි වැටලීමකදී දැඩි ලෙස ආරක්ෂිත සත්ව කොටස් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සත්ව කොටස් අතර:
* ගෝන අං 03ක්
* මුව අං 04ක්
* ඇත්දළින් නිර්මාණය කළ පෙන්ඩනයක් සහ මුදුවක්
* අඟල් 02ක් දිගැති ඇත්දළ කූරු 02ක්
* ඇත්දළ පළිඟුවක් සහිත කරඬුවක්
* අලියකුගේ දත් කොටස් 07ක්
* ගෝන අං මිට සහිත කඩුවක්
* නරියකුගේ හම් කොටසක් සහ කස්තුරි කැබැල්ලක්, වේ.
මෙම සත්ව කොටස් අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිට ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 31 සහ 40 වයස්වල පසුවන කුරුවිට ප්රදේශයේම පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් සහ නඩු භාණ්ඩ පළාබද්දල වනජීවී කාර්යාලය වෙත භාරදී ඇති අතර, ඔවුන් අද (11) රත්නපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රිටිගල වනජීවී කාර්යාලයේ මූලිකත්වයෙන්, කුරුණෑගල සහකාර අධ්යක්ෂ කාර්යාලය, බුලත්කොහුපිටිය, පළාබද්දල වනජීවී කාර්යාල සහ කුරුවිට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart