
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය දින කිහිපය තුළ කොළඹට අධික වර්ෂාපතනයක් ලැබීමෙන් පසු 2023 ආසියානු කුසලානයේ සුපිරි හතර අදියර සඳහා තෝරාගත් ක්‍රීඩාපිටි වෙනස් කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) සලකා බලමින් සිටින බව හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරයි.
කාලසටහනට අනුව, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය ‘සුපර් ෆෝ’ තරඟ හයෙන් පහක් සඳහා සත්කාරකත්වය ලබාදීමට නියමිතය.
අනෙක් තරගය ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.
කෙසේ වෙතත්, පසුගිය දින කිහිපය තුළ කොළඹට බලපා ඇති කාලගුණික තත්ත්වය හේතුවෙන් පල්ලෙකැලේ සහ දඹුල්ල විකල්ප ස්ථාන ලෙස සළකා බලමින් තිබෙන බව වාර්තාවේ.
ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ වාර්තාවකට අනුව වියළි කලාපයක් වීම හේතුවෙන් තරග බහුතරයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝජනා කළ ස්ථානය දඹුල්ලයි.
එහෙත් විකාශකයන් සහ සහභාගී වන කණ්ඩායම් කොළඹ විකල්පය ලෙස තබා පල්ලෙකැලේ සහ දඹුල්ලට යෑමට මැලිකමක් දක්වා තිබේ.
කෙසේ වෙතත්, මෙය මෝසම් සමය වීම හේතුවෙන් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට පවා වර්ෂාපතනයෙන් බාධා එල්ලවූ අතර, තරගාවලියේ වැදගත්ම තරගයක්වූ පසුගිය සෙනසුරාදා පැවැති ඉන්දියා-පාකිස්තාන තරඟය වර්ෂාව හේතුවෙන් අතරමග නවතා දැමීමට සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart