
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රථවාහන වරදකට නඩු නොදමන බව පවසා අල්ලස් මුදල් ලබාගත් පොලිස් කොස්තාපල්වරයකු සහ පොලිස් සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මල්ලාවි පොලිසියට අනුයුක්තව රාජකාරි කළ නිලධාරීන් දෙදෙනෙක් බව වාර්තා වේ.
මාර්ගයේ ගමන් කළ ජේසීබී යන්ත්‍රයක රියදුරුට රියදුරු බලපත්‍ර නොමැතිවීම සහ එම යන්ත්‍රයටද ආදායම් බලපත්‍ර නොමැතිවීම හේතුවෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීමට මෙම පොලිස් නිලධාරීන් අල්ලස් මුදල් වශයෙන් රුපියල් විසිපන්දාහක් ඉල්ලා ඇති බව සඳහන් වේ.
එම අවස්ථාවේදී එම පුද්ගලයා රුපියල් 12,500 ක් ලබාදී ඇති අතර ඉතිරි මුදල ලබාදෙන තෙක් ඔහුගේ ජාතික හැඳුනුම්පත පොලිස් නිලධාරීන් සන්තකයේ තබාගත් බව තබාගෙන ඇති බව අල්ලස් දූෂණ විමර්ශන කොමිශන් සභාව පවසයි.
පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ඉතිරි මුදල් ද රැගෙන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පොලිසිය අසලට ගොස් සැකකාර නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව අනාවරණය වේ.
අත්අඩංගුවට ගත් සැකකාර නිලධාරීන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart