
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර යන දෙදෙනා අද කොළඹ අගරදගුරු නිවසේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක නිරතව තිබේ.
රජයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳව අගරදගුරු හිමියන් දැනුවත් කිරීම සහ අසත්‍ය තොරතුරු පැතිරයාම හමුවේ නිවැරදි කරුණු පැහැදිලි කිරීම මෙම හමුවේ අරමුණ වී ඇත.
අධිකරණ සහ බන්ධනාගාර ක්ෂේත්රවල පවතින අභියෝගවලට මුහුණ දීමටත්, අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීමටත්, ප්‍රමාදයකින් තොරව යුක්තිය ඉටුකිරීම තහවුරු කිරීමටත් දැනටමත් ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යවරු මෙහිදී කරුණු පැහැදිලි කර තිබේ.
සාකච්ඡාවෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය ජයතිස්ස, දූෂණ විරෝධී පනතට ගෙනඒමට යෝජිත සංශෝධන පිළිබඳව අදහස් දක්වමින්, මහජන නියෝජිතයන්ගේ වත්කම් සහ බැරකම් දැනගැනීමට මහජනතාවට ඇති අයිතිය සුරක්ෂිත කරන බව අවධාරණය කළේය.
“ජනතා නියෝජිතයන්ගේ වත්කම් සහ බැරකම් ඕනෑම වේලාවක දැනගැනීමට මහජනතාවට පුළුවන්. එම අයිතියට කිසිදු බාධාවක් කරන්නේ නැහැ” යැයි අමාත්‍යවරයා පැවසීය.
කෙසේවෙතත්, රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත මණ්ඩල නිලධාරීන්ගේ වත්කම් ප්‍රකාශයට පත්කිරීමෙන් ඔවුන් රාජ්‍ය හෝ පෞද්ගලික සේවයේ නිරත වන විට ඔවුන්ගේ පෞද්ගලිකත්වයට බලපෑම් ඇති විය හැකි බවත්, එබැවින් සංශෝධන අදාළ වන්නේ එම ක්ෂේත්‍ර සඳහා පමණක් බවත් ඔහු පෙන්වාදුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය ජයතිස්ස කියාසිටියේ ඕනෑම සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන්ම මහජනතාව අතර ද කාලය සහ පුළුල් සංවාදයක් අවශ්‍ය වන බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට පෙර ආර්ථිකය, ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
තවද, නියමිත කාලසටහනට අනුව සියලු මැතිවරණ පැවැත්වීමට රජය අපේක්ෂා කරන බවත්, පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින බව අවධාරණය කරමින් අමාත්‍ය නානායක්කාර ද යෝජිත අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් පළකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart