August 12, 2026

කල්පිටිය, කුරක්කන්හේන ප්‍රදේශයේ කලපුවකදී වල්ලමක් පෙරළී යාමෙන් එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මසුන් ඇල්ලීම සඳහා අටවා තිබූ දැල් නැවත රැගෙන ඒමට ඊයේ දහවල් කාලයේදී මව්පියන් සහ දරුවන් මෙලෙස වල්ලමෙන් ගමන් කර ඇත. එහිදී සිදුවූ අනතුරෙන් දියේ ගිලුණු සිව්දෙනාම කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 7 හැවිරිදි පිරිමි දරුවෙකු සහ 13 හැවිරිදි ගැහැණු දරුවෙකි. එම දරුවන්ගේ මව කල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා පියා පුත්තලම රෝහලට යොමු කර තිබුණේය.