
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක ඉන්දියාව සමග එක්දින තරගාවලියට සහභාගී නොවන අතර එම ක්රීඩකයන් දෙදෙනා ආබාධවලට ලක්ව ඇත.
පුහුණුවීම්වලදී පන්දු රැකීමේදී ඩිල්ෂාන් මධුශංකගේ වම් මස්පිඬු ආබාධයකට ලක්ව තිබේ.
ඉන්දියාවට එරෙහිව පැවැති තුන්වැනි විස්සයි20 තරගයේදී උඩපන්දුවක් ලබාගැනීමට උත්සාහ කිරීමේදී පතිරණගේ දකුණු උරහිසේ සුළු උළුක්කුවක් හටගෙන තිබේ.
ඒ අනුව, ක්රිකට් තේරීම් කමිටුව විසින් ඉහත ක්රීඩකයන් දෙදෙනා වෙනුවට මොහොමඩ් ශිරාස් සහ ඒෂාන් මාලිංග කැඳවා ඇත.
මේ අතර, පොරොත්තු ක්රීඩකයන්(standbys) ලෙස පහත ක්රීඩකයන් තිදෙනා සංචිතයට එක්කර ඇත.
1) කුසල් ජනිත්
2) ප්රමෝද් මධුෂාන්
3) ජෙෆ්රි වැන්ඩර්සේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart