
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්තවලට අනුව, මේ මාසයේ මුල් දින හය සඳහා සංචාරකයන්ගේ පැමිණීම් පෙර වසරට සාපේක්ෂව සියයට 11.5ක වර්ධනයක් පෙන්නුම් කරයි.
ෆස්ට් කැපිටල් රිසර්ච් ආයතනය පෙන්වා දෙන්නේ මේ මාසයේ සංචාරකයන්ගේ පැමිණීම් 194,863ක් ලෙස පුරෝකථනය කර ඇති අතර පසුගිය වසරේ එම මාසයේ පැමිණ තිබුණේ සංචාරකයන් 148,867ක සංඛ්‍යාවකි.
දැනට එම මාසය සඳහා ඉහළම සංචාරකයන් සංඛ්‍යාව ලෙස 180,429ක් වාර්තා වී තිබුණේ 2018 දීය.
මෙම මාසයේ දී ද ඉන්දියාව සංචාරකයන් 6,548ක් (සියයට 17) දායක වෙමින් ඉහළම ස්ථානය රඳවා ගත්තේය.
2024 දී එම සම්පූර්ණ මාසය සඳහා එහි ආධිපත්‍යය සියයට 18ක කොටසට සාපේක්ෂව මෙය තරමක අඩුවීමකි.
එක්සත් රාජධානිය දෙවැනි ස්ථානයට පත් වූයේ සංචාරක පැමිණීම් 5,438ක් සමඟිනි.
එම ප්‍රමාණය 2024 අප්‍රේල් මාසයේදී වාර්තා වූ සියයට 9ට සාපේක්ෂව එය සියයට 14.1ක් විය.
රුසියාව තුන්වැනි ස්ථානයට පැමිණ තිබුණේ සංචාරක පැමිණීම් 4,185ක් සමගිනි.
මෙම කාලය තුළ, ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය පිළිවෙළින් සිව්වැනි සහ හයවැනි ස්ථානයට පත්ව තිබිණි.
මේ වසරේ ජනවාරි 1 සිට අප්‍රේල් 6 දක්වා, ශ්‍රී ලංකාවට සංචාරකයින් 760,891ක් පැමිණ ඇති අතර එය 2024ට සාපේක්ෂව සියයට 3 කින් වැඩිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart