
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය විසින් ශ්රී ලාංකික ජාතික අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ඉවත් කර ඇති බව ශ්රී ලංකා නියෝජ්ය විදේශ කටයුතු අමාත්ය අරුන් හේමචන්ද්ර ප්රකාශ කරයි.
සමාජ මාධ්ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේ, 2026 ඔක්තෝබර් 13 වන දින සවුදි ශ්රේෂ්ඨාධිකරණය මගින් අදාළ මරණ දඬුවම් තීන්දුව ඉවත් කළ බවයි.
ශ්රී ලංකා රජය විසින් සිදු කරන ලද අඛණ්ඩ රාජ්යතාන්ත්රික හා නීතිමය ප්රයත්නයන්හි ප්රතිඵලයක් ලෙස මෙම තීරණය ලැබුණු බවත්, මෙය සිවරාසාට ලැබුණු විශාල සහනයක් බවත් නියෝජ්ය ඇමැති හේමචන්ද්ර වැඩිදුරටත් පවසයි.
මෙම කාරණයේදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් නියෝජ්ය අමාත්යවරයා සෞදි අරාබි රජයට සිය කෘතඥතාව පළකරයි.
එමෙන්ම ශ්රී ලංකා තානාපතිවරයාට, විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්ට මෙන්ම ශ්රී ලාංකික සහ සවුදි නීතිඥ කණ්ඩායම්වල කැපවීමටද ඔහු ස්තූතිය පුදකරයි.
සිවරාසාගේ නීතිමය තත්ත්වය සහ ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැති වුවද, මෙම නිවේදනය ඔහුගේ නඩුවේ ඉදිරි කටයුතු පිලිබඳ සැලකිය යුතු වර්ධනයක් සලකුණු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart