
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ විමර්ශන අවසන් බැවින් සැකකරුවන්ට එහෙිව අධිචෝදනා ගොනුකිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
ඒ, එම නඩුව අද (ඔක්තෝබර් 14) කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන හමුවේ කැඳවූ අවස්ථාවේදීය.
එහිදී මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත්තේ එම නඩුව යළි නොවැම්බර් 18 වැනිදා කැඳවන ලෙසය.
එසේම එදින එම නඩුවේ සිව්වැනි සැකකරු වන නාමල් රාජපක්ෂ බන්ධනාගාරයේ සිටී නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇත.
ඒ, මෙම නඩුවට අදාළව නාමල් රාජපක්ෂ රුපියල් මිලියන 100 බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත මේ වනවිට මුදාහැර තිබීම හේතුවෙන්ය.
මෙම නඩුවේ පළමු සැකකරු වන කපිල චන්ද්රසේන මියගොස් ඇති බව දන්වා තිබුණද ඊට අදාළ මරණ සහතිකය විමර්ශන නිලධාරීන්ට මෙතෙක් ලැබී නැති බවද අධිකරණයට දැනුම් දී ඇත.
මෙම නඩුවේ දෙවැනි සැකකාරිය වන කපිල චන්ද්රසේනගේ බිරිඳ වන ප්රියංකා නියොමාලි හා තුන්වැනි සැකකරු වන ශමින්ද්ර රාජපක්ෂ මේ වනවිට අධිකරණය මඟහරිමින් විදේශගතව සැඟවී සිටිති.
(උපුටාගැනීම – whatnews.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart