
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරක ප්රවර්ධන කාර්යාංශයට අයත් අරමුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියෝග කර තිබේ.
මේ වන විට විදෙස්ගතව සිටින සැකකරු මෙරටට ගෙන්වා ගැනීමේ අරමුණින්, අන්තර්ජාතික පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම සඳහා අවශ්ය විධිමත් පියවර ගන්නා ලෙසද මහෙස්ත්රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් ඒකකය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
පසුගිය 2014 වර්ෂයේදී සංචාරක ප්රවර්ධන කාර්යාංශය වෙත ලැබී තිබූ රුපියල් මිලියන 7.8ක මුදලක්, ආයතනයේ නියමිත සංවර්ධන හා ප්රවර්ධන කටයුතු සඳහා යොදවනවා වෙනුවට, ඌව පළාත් සභා මැතිවරණ ව්යාපාරය වෙනුවෙන් ටී-ෂර්ට් 12,000ක් මුද්රණය කර බෙදා හැරීමට වැය කර ඇති බවත්, ඒ හරහා රජයට බරපතල මූල්ය පාඩුවක් සිදු කර ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.
මෙම මූල්ය අපරාධය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart