
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වර්ෂ 1912 දී අත්ලන්තික සාගරයේ ගිලිගිය ටයිටැනික් නෞකාවේ සිටි පළමු පන්තියේ මගියෙකු වූ ඉසිඩෝර් ස්ට්‍රෝස් නමැත්තකුට අයත් කැරට් 18 ජූල්ස් ජර්ගන්සන් කැටයම් කළ ඔරලෝසුවක් ස්ටර්ලින් පවුම් මිලියන 1.7ක මුදලකට වෙන්දේසි වී තිබේ.
ටයිටැනික් චිත්‍රපටයේදී ඉසිඩෝර් ස්ට්‍රෝස් සහ ඔහුගේ බිරිඳ අයිඩා නිරූපණය කර ඇත්තේ නැව ගිලී යන විට එකිනෙකා වැළඳගෙන සිටින යුවළක් ලෙසය.
ඔහුගේ වයස නිසා ජීවිතාරක්ෂක බෝට්ටුවක අසුනක් ස්ට්‍රෝස් වෙත පිරිනැමූව ද ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහුගේ බිරිඳ ද ඔහුව හැරයෑම ප්‍රතික්ෂේප කර තිබේ.
එබැවින් එම යුවළ අත්ලන්තික් සාගරයේදීම දිවියෙන් සමුගෙන ඇත.
ව්‍යසනයෙන් මියගිය සීමිත පළමු පන්තියේ මගීන් අතර ඔවුන් ද විය.
අනතුරුව මෙම ඔරලෝසුව සහ ස්ට්‍රෝස්ට අයත් තවත් පෞද්ගලික අයිතම කිහිපයක් සොයාගෙන තිබූ අතර, ඒවා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට භාර දී තිබිණි.
අනතුරුව ඔරලෝසුව, විල්ට්ෂයර් හි ඩිවයිසස් හි හෙන්රි ඕල්ඩ්රිජ් සහ පුත්‍ර වෙන්දේසිකරුවන් විසින් අලෙවි කර තිබේ.
මෙම අයිතමය සඳහා පවුම් මිලියන 1.78 ක ලංසුවක් හිමිව ඇති අතර ටයිටැනික් සිහිවටන සඳහා මෙතෙක් ගෙවන ලද ඉහළම මුදල බව එම සමාගම පවසයි.
ස්ට්‍රෝස්ගේ බිරිඳ විසින් ලියන ලද සහ නැවේ සිටියදී පළකරන ලද ලිපියකට මීට පෙර වෙන්දේසියකදී පවුම් 100,000 ක් ලැබී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart