January 22, 2024

නාරම්මල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ වැරදිකරුවන්ට එරෙහිව කඩිනම් හා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අවධාරණය කරයි.

සිය ට්විටර්(X) ගිණුමේ සටහනක් තබමින් ඇමැතිවරයා පවසා ඇත්තේ, අදාළ සිද්ධිය හෙළාදකින බවයි.

එමෙන්ම සිද්ධියෙන් ජීවිතය අහිමි වූ රොෂාන් කුමාරතිලකගේ පවුලේ සැමට ශෝකය ප්‍රකාශ කරන බවද හෙතෙම සඳහන් කර ඇත.