August 29, 2023

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ගුවාති සහ තිරුවනන්තපුරම්හි පැවැත්වෙන ඉන්දීය කණ්ඩායමේ පුහුණු තරඟ සඳහා ප්‍රවේශපත්‍ර හෙට සිට අලෙවි කිරීම ඇරඹේ.

ඉන්දියාවේ සත්කාරකත්වයෙන් ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 05 සිට නොවැම්බර් 19 දක්වා පැවැත්වේ.

පුහුණු තරඟ සඳහා ප්‍රවේශපත්‍ර අගෝස්තු 30 බදාදා ඉන්දීය වේලාවෙන් රාත්‍රි 08ට  නිල ප්‍රවේශපත්‍ර වෙබ් අඩවිය – https://tickets.cricketworldcup.com හරහා ක්‍රීඩාලෝලීන්ට වෙන් කරවා ගත හැක.

හෙට ප්‍රවේශපත්‍ර නිකුත් කරනුයේ,

සැප්තැම්බර් 30 සෙනසුරාදා – ඉන්දියාව සහ එංගලන්තය, ගුවාති

ඔක්තෝබර් 03 අඟහරුවාදා – ඉන්දියාව සහ නෙදර්ලන්තය, තිරුවනන්තපුරම් තරග 02 සඳහායි.

සත්කාරක නගර දහයක ලෝක මට්ටමේ ක්‍රීඩාංගණ දහයක පැවැත්වෙන් ඉන්දියාව සහභාගී  නොවන පුහුණු තරග සහ ලෝක කුසලා තරඟාවලියේ තරඟ 44ක් සඳහා ප්‍රවේශපත්‍ර පසුගිය සතියේ අලෙවිය ආරම්භ විය.

ඉන්දියාව සහභාගීවන තරග ඇතුලු සෙසු ලෝක කුසලාන තරගවල ප්‍රවේශ පත්‍ර පහත පරිදි අලෙවි කරනු ඇත.

අගෝස්තු 31: චෙන්නායි, දිල්ලි සහ පූනේ පැවැත්වෙන ඉන්දියාව සහභාගී වන තරග

සැප්තැම්බර් 01: ධර්මශාලා, ලක්නව් සහ මුම්බායි හි ඉන්දියාව සහභාගී වන තරඟ

සැප්තැම්බර් 02: බැංගලෝර් සහ කොල්කටාහිදී ඉන්දියාව සහභාගී වන තරග

සැප්තැම්බර් 03: අහමදාබාද්හිදී ඉන්දියාව සහභාගී වන තරගය

සැප්තැම්බර් 15: අර්ධ අවසන් වටයේ තරග සහ අවසන් මහා තරගය