June 30, 2026

වණතාවිල්ලුව මංගලපුර කලපුවේ මල් නෙලීම සඳහා ඔරුවකින් ගමන් කරමින් සිටි පාසල් සිසුන් පිරිසක් රැගත් ඔරුවක් පෙරළී යෑමෙන් සිසුන් තිදෙනකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පවසන පරිදි, සිසුන් කලපුවේ ඔරුවකින් ගමන් කරමින් සිටියදී එය පෙරළී යෑමෙන් ඔවුන් දියට වැටී ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් තිදෙනෙකි.

අනතුර සිදුවූ අවස්ථාවේදී එක් සිසුවකු බේරාගෙන ඇති අතර, සෙසු සිසුන් වණතාවිල්ලුව රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ සිසුන් තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරුකර යැවීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වේ.