July 7, 2025

වාකරේ කාරියප්පන් කිර්නි වැවේ දියේ ගිලී ළමුන් තිදෙනකු මියගොස් ඇති බව පොලිසිය පැවසීය.

ගැහැණු ළමයින් දෙදෙනකු සහ වයස අවුරුදු 10 සහ 11 අතර පිරිමි ළමයකු මෙලෙස වැවේ දියේ ගිලී ඇති බව වාර්තා වේ.

දරුවන් තිදෙනාගේම මළසිරුරු සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.

වාකරේ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලැබේ.