
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගම්වාසීන් පිරිසක් විසින් පන්දම් භාවිත කර වන අලියෙකු පළවාහැරීමට උත්සාහ දැරීමේදී සිදුවූ දරුණු පිළිස්සුම් තුවාල හේතුවෙන් එම වන අලියා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සීපුකුලම ප්‍රදේශයේ අඹගහවෙල හන්දිය අසල නිවසක ඉදිරිපස මිදුලේ වැටී සිටි වයස අවුරුදු 40ක් වන ‘අඹ බෝ’ ලෙස හඳුන්වන මෙම අලියා ඉකුත් සඳුදා උදෑසන බරපතල තුවාල ලබා සිටියදී සොයාගෙන තිබිණි.
අනුරාධපුර පණ්ඩුලගම කොට්ඨාශයේ වනජීවී පශු වෛද්‍යවරු වන අලියාට කඩිනමින් ප්‍රතිකාර කිරීමට කටයුතු කළ නමුත් පසුව එම අලියා මියගියේය.
මිහින්තලය පොලිසිය පැවසුවේ මෙම සිදුවීම දෙසැම්බර් 14 වැනි දින සිදු වූ බව සහ ගම්වැසියන් ගිනි පන්දම් භාවිතා කරමින් අලියා පළවාහැරීමට උත්සාහ කර තිබූ බවයි.
ඒ අතර සිටි එක් පුද්ගලයෙකු සත්වයාගේ සිරුරට ඍජුවම ගිනිතබා ඇති බවත්, එමඟින් විශාල පිළිස්සුම් තුවාල සිදුව ඇති බවත් පොලිසිය පැවසුවේය.
වනජීවී නිලධාරීන් පැවසුවේ අලියා මාස තුනකට ආසන්න කාලයක් රෝගාතුරව සිටි බවත් එම කාලය තුළ පශු වෛද්‍යවරුන් අවස්ථා කිහිපයකදී ප්‍රතිකාර සිදුකර ඇති බවත්ය.
එවැනි පසුබිමක් තුළ ගම්වාසීන් ද ඔවුන්ගේ නිවාස අසල නිතර සැරිසැරූ මෙම වන අලියා බොහෝදුරට රැකබලා ගත් බව ද එම නිලධාරීහු පවසති.
අනුරාධපුර පණ්ඩුලගම කොට්ඨාශයේ වනජීවී නිලධාරීන් විසින් ඉකුත් අඟහරුවාදා අලියාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලද අතර ගම්වැසියන් විසින් ආගමික වත්පිළිවෙත් සිදුකරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart