
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිසුන් හත්දහස් පන්සියයක් පමණ අධ්‍යාපන ලබන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ස්ථිර සේවයේ නිරත වන්නේ එක් ගුරුභවතකු පමණක් යැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවක සඳහන් වේ.
මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ නීති අධ්‍යාපනය පූර්ණ පරිවර්තනයකට ලක්කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉල්ලමිනි.
වෘත්තීය අධ්‍යාපන ආයතනයක් වශයෙන් නීති විද්‍යාලය පූර්ණ පරිවර්තනයකට යා යුතු බවත්, මෙම කාරක සභාවේ නිර්දේශ මත නීති විද්‍යාලය පාලනය කරන නීති අධ්‍යයන සභාවේ බලතල, එහි සංයුතිය පමණක් නොව නීති විදුහලේ අධ්‍යාපන ආකෘතිය ද අනිවාර්යයෙන්ම වෙනස් වීමට නියමිත බවත්, ඇමැතිවරයා පවසයි.
“මේවා නිවැරදි නොවුණම නීතිඥවරු බාගෙට ඉගෙනගෙන එළියට එන්නේ. ඒ නිසා තරුණ නීතිඥවරු අතරමං වෙනවා. එම තත්ත්වය නීතිඥ වෘත්තියටත් මදිකමක්. නීතියේ ආධිපත්‍යය සඳහා නීතිඥ වෘත්තියත් ශක්තිමත් විය යුතුයි. අඩු තරමින් එක් එක් විෂයයන්ට ස්ථිර එක් ගුරුවරයා බැගින්වත් සිටිය යුතුයි. දේශන සඳහා ආරාධිත ආචාර්යවරුන් කැඳවීම සාර්ථක නැහැ.” යනුවෙන් ද පැවසූ ඇමැතිවරයා, අධ්‍යාපන ආයතනයක ආකෘතියවත් එහි නොමැති බව සඳහන් කර තිබේ.
“එක්දහස් නවසියය වසරේ සකස් කළ යල් පැන ගිය පනතකින් මේ ආයතනය පවතින්නේ. මේ ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තියෙන්නේ වෙනම මතයක්. නීතිඥ වෘත්තිකයන් දරන්නේ වෙනම මතයක්. පසුගිය කාලෙය් නීති විදුහලේ භාෂා ප්‍රශ්නයක් මතුවුණා. ඊට අදාළ ගැසට්ටුව පාර්ලිමේන්තුව අනුමත කළේ නැහැ. එක එක සිතැඟියාවන් අනුව තීන්දු ගන්න බවට නීති විද්‍යාලයට චෝදනා තියෙනවා. මේක කඹ ඇද ඇද දශක ගණනක් ගියා. දැන්වත් මේකට තිත තියලා අලුත් ක්‍රමවේදයකට යන්න විශේෂ කරක සභාවක් පත්කරන ලෙස මම ඉල්ලුවා. මාස තුන හතරක් ඇතුළත කාරක සභාව වාර්තාව ඉදිරිපත් කරයි. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් මේ යෝජනාව පැසසුමට ලක්කළා” යැයි ද ඇමැතිවරයා පවසයි.
නීති වෘත්තියේ අවශ්‍ය ප්‍රමිතිය සහ නීති වෘත්තියවේදීන් සඳහා වූ නීති අධ්‍යයනය ආශ්‍රිත රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස්කිරීම ද මෙම කාරක සභාවට පැවරේ. මෙම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.
නීති අධ්‍යයන සභාවේ සභාපතිවරයා වන්නේ අගවිනිසුරුවරයාය. නීතිපතිවරයා, අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා සහ අධිකරණ ඇමැතිවරයා විසින් පත් කරනු ලබන පස් දෙනෙක් ද එහි සාමාජිකයෝ ලෙස කටයුතු කරති.(අරුණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart