
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙනස් කිරීමට ශ්‍රී ලංකාව සතුව පද්ධතියක්(සිස්ටම්) නොමැති අතර පද්ධතියක් නිර්මාණය කිරීම ආරම්භ විය යුත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කිරීමෙන් බව ව්‍යාපාරික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසයි.
ධම්මික පෙරේරාගේ DP Education ඔන්ලයින් අධ්‍යාපන වැඩසටහනේ 04 වැනි සංවත්සරය සමරමින් ඔහු ඊයේ පවසා ඇත්තේ, ආසියානු කලාපයේ අංක එකේ අධ්‍යාපන වේදිකාවක් ලෙස ඔවුන්ට සම්මානයක් හිමි වූ බවයි.
දිවයින පුරා පාසල්වල වෘත්තීය ගුරු හිඟයට විසඳුම් ඉදිරිපත් කළ ඔහු හොඳ අන්තර්ජාල සම්බන්ධතා ඇති සෑම පාසල් පන්ති කාමරයකම ස්මාර්ට් බෝඩ් සවිකිරීමෙන් ගැටලුව විසඳිය හැකි බව පවසයි. පාසල් විෂය නිර්දේශය ඉලක්ක කරගත් අධ්‍යාපනික ක්‍රම භාවිත කිරීමෙන් දරුවන්ට තම දැනුම දියුණු කරගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.
ඔහු පවසා ඇත්තේ, “රට වටේ පාසල් 10,000ක් තියෙනවා. ආණ්ඩුවට තව අවුරුදු එකහමාරක් යනවා ටෙන්ඩර් පටිපාටි හරහා ස්මාර්ට් බෝඩ් සවිකරන්න ප්‍රතිපාදන ලබා දෙන්න. ඒ අධ්‍යාපන ගොඩනැගිලිවල කිලෝවොට් 30ක් වත් සූර්ය පැනල කුලියට ගෙන සවි කරන්න. කුලී මුදලෙන් ස්මාට් පුවරු සවි කළ හැකියි. එවිට විදුලි කප්පාදුවක් සිදුවෙන්නෙ නෑ. තාප විදුලිය හෝ ෆොසිල ඉන්ධන මිලදී නොගැනීමෙන් අපට මුදල් ඉතිරි කර ගත හැකිය.” යනුවෙනි.
මහින්දෝදය විද්‍යාගාර සියල්ල තමාට ලබා දෙන ලෙස ද ඔහු රජයෙන් ඉල්ලීම් කර ඇති අතර, වසරක් තුළ උසස් පෙළ සිසුන් 140,000ක් රැකියා වෙළෙඳපොළට ඇතුළත් කරන බවට ද ඔහු සහතික වී තිබේ.
“ඒ සඳහා 100%ක ම සහතික වන සුදුසු වේදිකාවක් මම ගොඩනගා තිබෙනවා” ලෙස ද ඔහු සදහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart