
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ද ෆැන්ටෑස්ටික් ෆෝ චිත්‍රපටයෙන් වඩාත් ප්‍රසිද්ධ වූ ඕස්ට්‍රේලියානු නළු ජූලියන් මැක්මහොන් පිළිකාවක් හේතුවෙන් ෆ්ලොරිඩාවේ ක්ලියර්වෝටර් හිදී මිය ගොස් තිබේ.
“නිප්/ටක්”, “චාර්මඩ්”, “ප්රොෆයිලර්” සහ “එෆ්බීඅයි: මොස්ට් වෝන්ටඩ්” යන රූපවාහිනී කතා මාලාවලවලින් තවදුරටත් ප්‍රසිද්ධියට පත්ව සිටි ඔහු මිය යන විට 56 වැනි වියේ පසුවිය.
“මගේ ආදරණීය සැමියා වන ජූලියන් මැක්මහොන් පිළිකාව ජය ගැනීමට ගත් නිර්භීත උත්සාහයකින් පසු මේ සතියේ සාමකාමීව මිය ගිය බව ලෝකය සමඟ බෙදා ගැනීමට මම කැමතියි,” යනුවෙන් ඔහුගේ බිරිඳ කෙලී සිය ප්‍රකාශය මගින් පැවසුවාය.
“ජූලියන් ජීවිතයට ආදරය කළා. ඔහු තම පවුලට ආදරය කළා. ඔහු තම මිතුරන්ට ආදරය කළා. ඔහු තම කාර්යයට ආදරය කළා, ඔහු තම රසිකයන්ට ආදරය කළා. ඔහුගේ ගැඹුරුම පැතුම වූයේ හැකි තරම් ජීවිතවලට ප්‍රීතිය ගෙන ඒමයි. අපගේ පවුලට පෞද්ගලිකව ශෝක වීමට ඉඩ දීම සඳහා අපි මේ කාලය තුළ සහයෝගය ඉල්ලා සිටිනවා,” යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය.
1968 ජූලි 27 වැනි දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි උපත ලැබූ මැක්මහොන්, 1989 දී කෙටි කාලීන ඕස්ට්‍රේලියානු ඔපෙරාවක් වන ද පවර් ද පැෂන් හි රූපවාහිනී රංගනයට පිවිසියේය.
ඔහු 1990 දී ඕස්ට්‍රේලියාවේ හෝම් ඇන්ඩ් අවේ හි එක් වාරයක් සඳහා සහ පසුව 1992 සිට 1993 දක්වා කථාංග 22ක් සඳහා එක්සත් ජනපදයේ අනදර් වර්ල්ඩ් හි නළු නිළියන්ට සම්බන්ධ විය.
මැක්මහොන් රහස් පරීක්ෂක ජෝන් ග්‍රාන්ට් ලෙස රඟපෑ නාට්‍ය ප්රොෆයිලර්, ප්‍රයිම් ටයිම් මාලාවක ඔහුගේ පළමු නිතිපතා චරිතය විය.
එය 1996 සිට 2000 දක්වා විකාශය විය.
2000 සිට 2003 දක්වා අද්භූත නාට්‍යයක් වන චාම්ඩ් හි අර්ධ යක්ෂයකු වන කෝල් ටර්නර්ගේ පුනරාවර්තන චරිතය නිරූපණය කළේය.
ඉන්පසු, 2003 දී, රයන් මර්ෆිගේ නාට්‍යයක් වන නිප්/ටක් හි ආචාර්ය ක්‍රිස්ටියන් ට්‍රෝයි ලෙස මැක්මහොන්ගේ කැපී පෙනෙන රංගනය වෙනුවෙන් රූපවාහිනී කතා මාලාවක නළුවකුගේ හොඳම රංගනය සඳහා ගෝල්ඩන් ග්ලෝබ් නාමයෝජනා හිමිකර ගත්තේය.
2005 දී, මැක්මහොන් ද ෆැන්ටෑස්ටික් ෆෝ හි දුෂ්ටයෙකු වන ඩොක්ටර් ඩූම් ලෙස රිදී තිරයට පිවිසියේය.
මැක්මහොන් මීට පෙර ඕස්ට්‍රේලියානු ගායිකා ඩැනී මිනොග් සහ බේවොච් නිළි බෲක් බර්න්ස් සමඟ විවාහ වූ අතර පසුව 2014 දී කෙලී පැනියාගුවා සමඟ විවාහ විය.
බර්න්ස් සමඟ විවාහයෙන් ඔහුට මැඩිසන් එලිසබෙත් මැක්මහොන් නම් 25 හැවිරිදි දියණියක් සිටී.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart