August 31, 2023

ශ්‍රී ලාංකේය වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම මෙරට අගාවුඩ් කර්මාන්තයේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 21වැනි සංවත්සරය අභිමානයෙන් යුතුව සමරනු ලැබීය.

විදේශයන් ජයගත් සිය මුල්‍යමය ස්ථාවරත්වය ඉහළින්ම සනිටුහන් කළ දේශීය සමාගමක් වශයෙන්, වසර 21ක් පුරා සිය සමාගම පිළිබඳව අඛණ්ඩ විශ්වාසය තැබූ සමාගමේ සියලුම ගනුදෙනුකාරභවතුන් හා පාර්ශ්වකරුවන් වෙතත් ශ්‍රී ලාංකේය ප්‍රජාව වෙතත් ජාතියේ හරිත සන්නාමය වශයෙන් සදාහරිත සමූහ ව්‍යාපාරය සිය ගෞරවණීය ස්තූතිය පුද කර සිටී.

මීට වසර 21ට ප්‍රථම වර්ෂ 2002 අගෝස්තු මස 14 දින ආරම්භ කළ සදාහරිත වැවිලි සමාගම දැනට ශ්‍රී ලංකාවේ පවතින පැරණිතම වාණිජ වැවිලි සමාගම වන අතර විදේශයන්ට විහිදුණු ශක්තිමත් සමාගම් ජාලයක් බවට පත්වීම තුළින් සදාහරිත සමාගමේ ස්ථාවරත්වය සහ මූල්‍යමය ශක්තිමත්භාවය මනාව පිළිබිඹු කර ඇත.

සමාගම් 07කින් සන්නද්ධ දේශීය සහ අන්තර්ජාතික ව්‍යාපාර ජාලයකින් සමන්විත සදාහරිත සමූහ ව්‍යාපාරයේ මව් සමාගම වන සදාහරිත වැවිලි සමාගම සමග සදාහරිත ඇග්‍රි ෆාම්ස් ඇන්ඩ් එක්ස්පෝර්ට්ස් සමාගම, සදාහරිත පෞද්ගලික සමාගම, සදාහරිත ලෑන්ඩ්ස් සමාගම, ශ්‍රී ලංකාව තුළ දේශීය ව්‍යාපාරික මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

සදාහරිත මැඩගස්කර් ලිමිටඩ්, සදාහරිත සිංගප්පූරු ප්‍රයිවට් ලිමිටඩ් සහ සියෝර් වෙර්දේ ලිමිටඩ්, එක්සත් රාජධානිය තුළ ගෝලීය ව්‍යාපාර ජාලය පුළුල් කරමින් ශ්‍රී ලාංකීය සන්නාමය ලොව ප්‍රචලිත කිරීමට දායක වනවාසේම ජාතික අවශ්‍යතාවයක් වන විදේශ විනිමය ඉපයීමට ද ඍජුව දායකත්වය සපයනු ලබන්නේ දේශීය සමාගමක් වශයෙන් සිය යුතුකම හා වගකීම ඉහළින්ම ඉටු කරමිනි.

මෙරට ජාතික වන ගහණය පෝෂණය කරමින් වාණිජ වන වගාව හරහා අක්කර 3000කට අධික භූමි ප්‍රමාණයක විහිදුණු, මිලියනයකට අධික තේක්ක, සුදු හදුන්, මහෝගනී, රඔුටන් සහ සුවිශාල අගාවුඩ් ගහනයක් ජාතියට තිළිණ කර තිබෙන්නේ තම සදාහරිත වත්කම පිළිබඳව සමාගමක් ලෙස ජාතියේම ගෞරවය ද හිමිකර ගනිමිනි.

ශ්‍රී ලාංකේය වන වගා ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස අගාවුඩ් වන වගාව ප්‍රථම වරට 2013 වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් සදාහරිත වැවිලි සමාගම, අගාවුඩ් පැල රෝපණයේ සිට විදේශයන් දිනූ අගාවුඩ් නිෂ්පාදන දක්වා ගෝලීය අගාවුඩ් කර්මාන්තයේ සියලු අංශ ආවරණය කරමින් කර්මාන්තයේ නියැලෙන මෙරට ප්‍රමුඛතම සමාගමයි.

ආසියාවේ විශාලතම අගාවුඩ් පැල තවාන හිමි සදාහරිත සමාගම වසරකට සිය වගා කටයුතු සඳහා ලක්ෂ පහකට අධික පැල රෝපණය කරනු ලබයි.

වාණිජ වන වගා ක්ෂේත්‍රයේ කීර්තිධරයකු වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්නගේ නිරතුරු අධීක්ෂණයෙන් සහ වෘත්තීමය උපදේශක මණ්ඩලයක පරීක්ෂණ සහ නිර්දේශ මත රටපුරා විහිදුණු අක්කර 3000කට අධික වන වගාව සාර්ථකව නඩත්තු කරමින් පවත්වාගෙන යයි.