
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සර්ව පාක්ෂික සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් සමගි ජන බලවේගයට ආරාධනා කර ඇති අතර, විපක්ෂය මෙම සාකච්ඡාවට සහභාගී වන්නේ රට සහ ජනතාව ගැන සිතා වුවද, යම් හෙයකින් එය ද සුපුරුදු දේශපාලන උප්පරවැට්ටියක් බව හැඟී යන්නේ නම් එම මොහොතේම සාකච්ඡා මේසයෙන් ඉවත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් තුළ පොදු න්‍යායපත්‍රයක්, වැඩපිළිවෙළක් සාමූහිකත්වයක්, එකමුතුකමක් හෝ එක මතයක පිහිටා කටයුතු කිරීමක් දක්නට නොමැති බව ද ඔහු පවසයි.
අද (25) සක්වල වැඩසටහන යටතේ බිබිල මැදගම ජාතික පාසලට බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙසේ සඳහන් කර තිබේ.
ආණ්ඩුවේ සාකච්ඡාවල සාර්ථකත්වය ක්‍රියාත්මක වන්නේ එය සත්භාවයෙන් සිදුවන්නේ නම් පමණක් බවත්, එය දේශපාලන උප්පරවැට්ටි ජිල්මාට් නොවිය යුතු බවත්, ඔහු පැවැසීය.
එසේම විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට අවශ්‍ය වී ඇත්තේ, හොරකමින් තොර රටක් බිහි කිරීම බැවින් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අවධානය යොමු කරන බවත්, එසේ හොරකම් කරන මුදල් පාසල් පද්ධතියට, රෝහල් පද්ධතියට ලබා දෙන්නේ නම් හොඳ සෞඛ්‍ය පහසුකමක් මෙන්ම අධ්‍යාපන පහසුකමක් ද ලබා දිය හැකි බවත්, විපක්ෂ නායකවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart