June 5, 2024

ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් පොලිස් මුලස්ථානයට පැමිණ ඇත.

ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් මෙලෙස පොලිස් මුලස්ථානයට පැමිණ ඇත්තේ ඊයේ (04) දිනයේය.

එහීදී ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සමග සුහද පිළිසදරක නිරත වී ඇත.

පොසොන් පොහොය නිමිත්තෙන් දඹාන බිංතැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පැවැත්වෙන පොසොන් කලාපය සදහා ශ්‍රී ලංකා පොලිසියේ පූර්ණ සහයෝගය ලබා දීමට මෙහිදී පොලිස්පතිවරයා එකඟවී ඇත.